ෆ්‍රාන්සිස් පාප්වහන්සේගේ මියන්මාර සංචාරය ඇරඹේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජනවාර්ගික ගැටලු හේතුවෙන් මෙම වසරේදී ඉතා පුළුල් ලෙස දෝෂ දර්ශනයට ලක්වූ මියන්මාරයට පැමිණි පළමු පාප්වහන්සේ බවට පත්වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්වහන්සේ එහි පැමිණෙති.
සංචාරයේ මුඛ්‍ය අරමුණ ලෙස රටේ සුළුතරයක් වූ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳ ගැටලුව යොදාගනු ඇතැයි විශ්වාස කෙරේ.
'රකයින්' ප්‍රාන්තයේ පොලිස් මුරපොළකට එල්ල වූ ප්‍රහාරයත් සමග ඇතිවූ හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට ලක්ෂ 6කට වැඩි පිරිසක් යාබද බංගලාදේශයට පලා ගියහ.
එහෙත්, පාප්වහන්සේ මෙය ඉස්මතු කලහොත් යම් ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇතිවිය හැකි බව පවසමින්, මියමාර රාජ්‍ය නිළධාරීහු මෙම මාතෘකාව සාකච්ඡාවට ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරති.
පාප්වහන්සේ සිය සංචාරය අතරතුර මියන්මාරයේ නිල නොලත් නායිකාව අවුන් සාං සුචි සහ හමුදා ප්‍රධානීන් හමුවීමට නියමිතය.

මියන්මාර සංචාරයෙන් අනතුරුව, 1986න් පසුව පැමිණෙන පළමු පාප්වහන්සේ ලෙස උන්වහන්සේ බ්‍රහස්පතින්දා බංගලදේශයට පැමිණීමට නියමිතය. එහිදී සංකේතාත්මකව බංගලාදේශයේ වෙසෙන රෝහින්ග්‍යා සරණාගතයන් හමුවනු ඇත. ලොව අයුක්තිය වෙනුවෙන් කැපකිරීම් කරන්නෙකු හා ඒ පිළිබඳ නූතනවාදී අදහස් දරන්නෙකු ලෙසට 80 වියැති පාප් වහන්සේ ප්‍රකටය.
ෆ්‍රාන්සිස් පාප්වහන්සේ, 'අපේ රෝහින්ග්‍යා සහෝදර සහෝදරියන්' යන යෙදුම වධහිංසා කිරීම පිළිබඳ ප්‍රසිද්ධියේ චෝදනා කිරීමේදී භාවිතා කළහ. එහෙත් එමගින් ඇතිවිය හැකි අනවබෝධය මත බෞද්ධ බහුතරයක් වන රටේ ප්‍රචන්ඩත්වය පැනනැගිය හැකි බැවින්, සංචාරය තුළ එසේ භාවිත කිරීමෙන් වලකින ලෙස මියන්මාරයේ සිටින එකම කාදිනල්වරයා ඉල්ලා සිටින ලදී.
ඔවුන් නීති විරෝධී 'බෙංගාලි' සංක්‍රමණිකයන් මිස මියන්මාර ජනවාර්ගික කොටසක් ලෙස හඳුන්වාදිය නොයුතු බව මියන්මාර නිලධාරීන් පෙන්වාදේ. හමුදා ක්‍රියාමාර්ග 'රකයින්' ප්‍රාන්තයේ සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට ප්‍රතිචාර ලෙස සිදුවූ බව ඔවුන් ප්‍රකාශ කළ ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු වූ ප්‍රචන්ඩ ක්‍රියා 'ජනවාර්ගික ශුද්ධයකට උදාහරණයක්' ලෙස විග්‍රහ කරයි.
ලක්ෂ සංඛ්‍යාත පලාගිය පිරිස් නැවත පැමිණීම සම්බන්ධයෙන් පසුගිය සතියේ මියන්මාරය සහ බංගලාදේශය ගිවිසුමකට අත්සන් තබන ලද නමුත් ආධාර සපයන ආයතනවල මතයවී ඇත්තේ සරණාගතයින්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරු කිරීමකින් තොරව බලහත්කාරයෙන් නැවත පදිංචි කිරීම නොකලයුතු බවය. නොබෙල් සම්මාන ලාභී අවුන් සාං සුචී රෝහින්ග්‍යා වධහිංසා සම්බන්ධයෙන් දක්වන නිහඬ බව ද ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අර්බුදයට පෙර, මැයි මාසයේදී සිදුවූ අවුන් සාං සුචිගේ වතිකානු සංචාරයෙන් පසුව පාප්වහන්සේගේ සංචාරය සැලසුම් කරන ලදී. පසුගිය සතියේ ඇතිකරගත් තාවකාලික ගිවිසුමෙන් පසුව ඇතිවූ සංහිඳියාව පිළිබඳ සාකච්ඡා දිරිමත් කිරීම පාප් වහන්සේගේ දින හයක සංචාරය තුල සිදුවනු ඇති බව උන්වහන්සේගේ සහායකයින් සඳහන් කරයි. මියන්මාරයේ කතෝලික සුළුතරය 'යන්ගොන්' හිදී පැවැත්වීමට නියමිත දේව මෙහෙයේදී ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දැකගැනීමේ අපේක්ෂාවෙන් සිටිති.
සබැඳි පුවත්;




























