දුගී රටක ඉදිවූ සුඛෝපභෝගී පාළු ගුවන්තොට

මොසැම්බික්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'නකාලස්' ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර වසර 03 ගතව ඇතත් එහි මෙහෙයුම් සිදු කෙරෙන්නේ 4% තරම් අඩු ප්‍රමාණයකිනි
Published

මොසැම්බික් රාජ්‍යයේ පිහිටි 'නකාලස්' ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200 කි.

එය, එරට දෙවන කාර්යබහුලතම ගුවන් තොටුපල වනු ඇති බවට බලාපොරොත්තු පළවිය.

වසරකට මගීන් 500,000 ක් ඉන් සේවය ලබා ගනු ඇතැයි ඇස්තමේන්තු කර තිබිණි.

'නකාලස්' ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර වසර 03 ගතව ඇතත් එහි මෙහෙයුම් සිදු කෙරෙන්නේ 4% තරම් අඩු ප්‍රමාණයකිනි.

එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කළ 'Odebrecht' නමැති බ්‍රසීල සමාගම ඉහළ බලධාරීන් වෙත අල්ලස් ලබා දුන් බව පිළිගෙන ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, දුගී රටක ඉදිවූ සුඛෝපභෝගී පාළු ගුවන්තොට

එමෙන්ම මොසැම්බික් රාජ්‍යය සහ බ්‍රසීලය මුහුණ දුන් ආර්ථික අර්බුදය ද ගුවන් තොටුපල වෙත අයහපත් බලපෑමක් එල්ල කර තිබේ.

ආර්ථික දුෂ්කරතා ඇති රටක මෙවැනි අති විශාල මුදලක් වැය කර ගුවන් තොටුපලක් ඉදි කළේ ඇයි දැයි යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

අති විශාල මුදලක් වැය කර බලාපොරොත්තු වූ ප්‍රතිලාභ ලබාගත නොහැකි වූ තවත් ගුවන් තොටුපලවල ව්‍යාපෘති පිළිබඳ මෑත කාලයේ වාර්තා පළ විය.

ශ්‍රී ලංකාව, සෙන්ට් හෙලේනා සහ ස්පාඤ්ඤය

St Helena's new airport, 13 October

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙන්ට් හෙලීනාහි අලුතින් ඉදි කළ ගුවන් තොටුපල 2016 වසරේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද තද සුළං හමුවේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය

බ්‍රිතාන්‍ය යටතේ පවතින සෙන්ට් හෙලෙනා දූපතේ ඉදි කරන ලද ගුවන් තොටුපල බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ "ලොව ප්‍රයෝජනයක් නොමැතිම ගුවන් තොටුපල" ලෙසය.

ඇමරිකානු ඩොලර් මිලියන 380 වියදමින් ඉදි කරන ලද ගුවන් තොටුපල 2016 වසරේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද තද සුළං හමුවේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය.

කෙසේ නමුත් අවසානයේ ජොහැන්ස්බර්ග් සහ සෙන්ට් හෙලෙනා අතර ගුවන් ගමන් සඳහා පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී අවසර හිමි වූයේ මාස කිහිපයක් පුරා පැවති පරීක්ෂණ ගුවන් ගමන් ගණනාවකින් අනතුරුවය.

මත්තල ගුවන් තොටුපල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Mattala Rajapaksa Airport departures board
ඡායාරූප ශීර්ෂ වැකිය, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් යානා පැමිණෙන්නේ ඉතාමත් අඩු වශයෙනි

එමෙන්ම චීන ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ඉදි කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ ද මෙහෙයුම් සිදුවන්නේ ඉතාමත් අඩු වශයෙනි.

2013 වසරේ විවෘත කරන ලද මත්තල ගුවන් තොටුපල සඳහා වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 240 කි.

2016 වසරේ දී වී ගබඩා කිරීම සඳහා ද මත්තල ගුවන් තොටුපලට අයත් ගොඩනැගිලි යොදා ගැනිණි.

මත්තල ගුවන් තොටුපොල දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව පසුගියදා උද්ඝෝෂණ ද පැවැත්විණි.

මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි අත්හැර දමන ලද එම ගුවන් තොටුපල
ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍යම ස්පාඤ්ඤයේ වෙන්දේසි කරන ලද ගුවන් තොටුපල

මේ අතර බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ ගුවන් තොටුපලක් පිළිබඳ 2015 වසරේ දී ස්පාඤ්ඤයෙන් අසන්නට ලැබිණි.

මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි එම ගුවන් තොටුපල සඳහා ලැබී තිබුණු වැඩිම ලංසුව යුරෝ දසදහසකි.

එය, ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයකි.

සමාන පුවත්: