රුසියාව: අල්ලස් ගත් හිටපු ආර්ථික ඇමතිට සිර දඬුවම්

ඡායාරූප මූලාශ්‍රය, AFP
අල්ලස් ගත් බවට වරදකරු කෙරුණු රුසියාවේ හිටපු ආර්ථික ඇමති අලෙක්සෙයි උල්යුකායෙෆ් වසර අටක සිර දඬුවමක් දීමට මොස්කව් හි අධිකරණයක් නියෝග කළේය.
එමෙන්ම ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිදෙකක දඩ මුදලක් ගෙවන ලෙසත් අධිකරණය විසින් ඔහුට නියෝග කරනු ලැබීය.
රුසියාවේ මෑත ඉතිහාසය තුළ නඩු විභාගයක් සඳහා පෙනී සිටීමට සිදු වූ පළමු ඇමතිවරයා ඔහුය.
62 හැවිරිදි උල්යුකයෙෆ් 2016 වසරේදී අත්අඩංගුවට ගැනුණේ වෙනත් ඛනිජ තෙල් සමාගමක් මිලදී ගැනීමට අනුමැතිය දීම සඳහා රාජ්‍ය ඛනිජ තෙල් සමාගම වන රොස්නෙෆ්ට් සමාගමින් ඩොලර් ලක්ෂ 20ක් අල්ලස් වශයෙන් ගැනීමට උත්සාහ දැරීය යන චෝදනාව මතය.
"චෝදනා ප්‍රතික්ෂේප කරනවා"
ඔහු වෙත චෝදනා එල්ල කළ රොස්නෙෆ්ට් ඛනිජ තෙල් සමාගමේ ප්‍රධානියා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතීන්ගේ සමීපතමයෙකි.
සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස රොස්නෙෆ්ට් ඛනිජ තෙල් සමාගමේ ප්‍රධානී ඉගොර් සේචින්ට දන්වා තිබුණ ද ඔහු අධිකරණය වෙත නොපැමිණියේය.
චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු ආර්ථික ඇමති අලෙක්සෙයි උල්යුකායෙෆ් තමන් එම චෝදනාවලට හසුකර ඇති බව පවසයි.
රුසියාව හා සම්බන්ධ වෙනත් පුවත්:



























