මෙල්බන් නුවර පදිකයන් වෙත මෝටර් රථයක් ධාවනය කෙරෙයි

Police on Flinders Street after a car hit pedestrians, 21 December 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක අංශ සිදුවීම වාර්තා වූ ස්ථානය වෙත වහා පැමිණියහ
Published

මෙල්බන් නුවර පදිකයන් වෙත මෝටර් රථයක් ධාවනය කළ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

මෝටර් රථය, නගර මධ්‍යයේ පිහිටි කාර්යබහුල මංසන්දියක් වන 'ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට්' හි ගමන් ගනිමින් සිටි පදිකයන් ගණනාවක ගැටී ඇති බව වික්ටෝරියා පොලිසිය සඳහන් කළේය.

ප්‍රාන්ත ගිලන් රථ සේවය කියා සිටියේ පුද්ගලයන් 13 දෙනෙකු රෝහල් වෙත ගෙන යනු ලැබූ බවය.

එම ප්‍රදේශය වෙත යාමෙන් වැළකී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙල්බර්න්

ඉහත කී සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් බව ඇඟවෙන තොරතුරු ලැබී ඇත්දැයි යන්න පිළිබඳ පොලිසිය සඳහන් කර නොමැත.

ප්‍රමාණයෙන් විශාල සුදු පැහැති මෝටර් රථයක් අසල පුද්ගලයන් ගණනාවක් බිම වැතිර සිටින ආකාරය ඡායාරූප ඔස්සේ දැකගත හැක.

නිවේදනයක් නිකුත් කරමින් වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවය කියා සිටියේ හිසට බරපතළ තුවාල සිදු වූ පෙරපාසල් යන වයසේ පසුවන දරුවෙකු ද රෝහල වෙත ගෙන ගොස් ඇති බවය.

සිදුවීම ඇසින්දුටුවෙකු ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවයක් වන '3AW' වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෝටර් රථයේ ගැටීමත් සමග "මිනිසුන් ඉහළට පියඹා යන ආකාරය" දුටු බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, රියදුරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

"කම්පනය දනවන සුළු දර්ශන" ට්විටර් සමාජ ජාලයේ පළ කළ ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායක බිල් ශෝටන් හදිසි සේවා සපයන නිලධාරීන් ගත් පියවර අගය කරයි.

ජනවාරි මාසයේ දී 'බරක් ස්ට්‍රීට්' හි ගමන්ගත් පදිකයන් වෙත මෝටර් රථයක් ධාවනය කරනු ලැබීමත් සමග මෝටර් රථ යොදා ගනිමින් සිදු කරන ප්‍රහාර වැළකීමේ අරමුණින් 'ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට්' ඇතුළු ස්ථාන ගණනාවක කොන්ක්‍රීට් බාධක යෙදවීමට නගර බලධාරීහු කටයුතු කළහ.

සමාන පුවත්: