රූ රැජිනන්ට අපහාස කළ 'මිස් ඇමෙරිකා' නිලධාරීන් දොට්ට

ඡායාරූප මූලාශ්‍රය, DAVID BECKER
ඇමෙරිකානු රූ රැජින තරගාවලියට සහභාගි වූ තරුණියන්ට නිගා දෙන ආකාරයෙන් අදහස් පළ කරමින් යවන ලද ඊමේල් පණිවුඩ කිහිපයක් අනාවරණය වීමෙන් අනතුරුව 'මිස් ඇමෙරිකා' සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා සිය පදවියෙන් ඉල්ලා අස් වී තිබේ.
සෑම් හස්කල්ගේ (Sam Haskell) ඉල්ලා අස්වීම වහාම පිළිගන්නා බව Miss America Organization සඳහන් කළේය.
ඔහුගේ ඉල්ලා අස් වීම නිවේදනය කෙරුණේ ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවන බවට සංවිධානය නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවය.
සිය සංවිධානයේ තවත් විධායක නිලධාරීන් දෙදෙනෙකු ද පදවියෙන් ඉවත්ව යන බවත් එහි සභාපතිනි ලින් වෙයිඩ්නර් (Lynn Weidner) සඳහන් කළාය.
ඇය ද සිය ඉල්ලා අස්වීම භාර දී තිබෙන නමුත් නව නායකත්වයක් තෝරා ගන්නා තුරු තාවකාලිකව රැඳී සිටීමට ඇය එකඟ වී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
අතීතයේදී ඇමෙරිකානු රෑ රැජින තරගයෙන් ජයග්‍රහණය කළ කාන්තාවන් පිළිබඳව අසභ්‍ය අදහස් සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ අපහාසාත්මක කරුණු එම ඊමේල් පණිවුඩවල අඩංගු වී තිබුණ බව විශ්වාස කෙරේ.
මතුව තිබෙන තත්වය හමුවේ සංවිධානයේ සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොෂ් රැන්ඩල් (Josh Randle) ද ඉල්ලා අස් වූ බව එහි ප්‍රකාශකයෙක් බීබීසී යට තහවුරු කළේය.
මේ අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ටැමි හැඩාඩ් (Tammy Haddad) සිකුරාදා (දෙසැම්බර් 22) ඉල්ලා අස් විය.

ඡායාරූප මූලාශ්‍රය, MISS AMERICA ORGANIZATION
තරගයට සහභාගි වන රූ රැජිනන් පිළිබඳව තෙවසරක් මුළුල්ලේ සෑම් හස්කල් සහ සංවිධානයේ අනෙක් නිලධාරීන් අතර හුවමාරු වූ ඊමේල් පණිවුඩ Huffington Post වෙබ් අඩවිය විසින් අනාවරණය කර තිබුණි.
ඒ සමගම පදවියෙන් ඉල්ලා අස් වන මෙන් රූ රැජින තරගයෙන් ජයගත් 49 දෙනෙකු විවෘත ලිපියකින් ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඇතැම් ඊමේල් පණිවුඩවල නම සඳහන් වූ හිටපු ඇමෙරිකානු රූප රාජිනියක වන මැලෝරි හැගන් (Mallory Hagan) මේ අතර කියා සිටියේ එවැන්නක් සිදුවෙමින් පවතින බව තමන්ට සමීප බොහෝ දෙනාට ඒත්තු ගැන්වීමට තමන් කලක් මුළුල්ලේම උත්සාහ කළ බවය.



























