දිය මත ගොඩ බසින යානයක් ගඟෙහි ගිලෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, සිද්ධිය වූ ස්ථානයේ සිටින පොලිස් කිමිදුම්කරුවන්
Published

දිය මත ගොඩ බෑ හැකි ගුවන් යානයක් (seaplane) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරුදෙසින් කිලෝමීටර 50 ක් දුරින් පිහිටි ගඟකට කඩා වැටී හය දෙනකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.

'නිව් සවුත් වේල්ස්' ප්‍රාන්තයේ කෝවන් නගරය ආසන්නයේ 'හෝක්ස්බරි' ගඟට (Hawkesbury River) මෙම යානය කඩා වැටී ඇති අතර, අඩි 43ක් ජලය යට තිබූ මළසිරුරු හයක් පොලිස් කිමිදුම්කරුවන් විසින් ගොඩ ගන්නා ලදී.

Map

මියගිය අයගේ විස්තර තවමත් හෙළි කර නැති අතර, මෙම යානය ගුවනේ සිට ගොඩ බිම දර්ශන නැරඹීමට ගුවන් යානා ලබා දෙන ආයතනයකට අයත් බව එරට මාධ්‍ය පවසා ඇත.

යානය කඩාවැටීමට හේතුව තවමත් සොයා ගෙන නැත.

Sea plane crash

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හදිසි සේවාවන්ගේ සහය දෙමින්

මියගිය අය අතර අවුරුදු එකොළහක බාල වයස්කරුවකු , යානයේ ගුවන් නියමුවා සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් හතර දෙනකු සිටින බව නිල නොලත් වාර්තාවන් හි සඳහන් වේ.

කඩා වැටුන යානය තනි එන්ජිමකින් ක්‍රියා කරන ලද්දකි.

සිද්ධිය වන අවස්ථාවේ අසල සිටි කාන්තාවක් පවසා සිටියේ එම වේලාවේ කාලගුණ තත්ත්වයෙහි ද සැලකිය යුතු වෙනසක් නොතිබූ බවය.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු 'බ්‍රෝඩ්කාස්ටර් 9නිව්ස්' (broadecaster 9News ) මාධ්‍ය ජාලයට කියා සිටියේ එම වේලාවේ ඔහු සිටි ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් යානය කඩා වැටෙනු දුටු බවය.

"එය දකුණු අත පැත්තට හැරිලා වටේට කැරකුනා, තටු යට වුණා, ඉන් පසු එහි නාසය කොටස කෙළින්ම වතුර යටට ගියා" යැයි ඔහු ප්‍රකාශ කළේය.

මේ තොරතුරුද දැනගන්න: