කැටලෝනියානු නායකයා 'මැඩ්රිඩ්' තර්ජන නොතකා බෙල්ජියමෙන් පිටවෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් බලයෙන් පහ කරන ලදුව රටින් පිටවී බෙල්ජියමේ ජීවත් වෙන කැටලෝනියාවේ හිටපු ජනාධිපති කාලෙස් පුයිජ්මොන්ට් (Carles Puigdemont) සමුළුවක් ඇමතීම සඳහා ඩෙන්මාර්ක් කරා ලඟා විය.
ඔහු දැනට රැකවරණ ලබන බෙල්ජියමෙන් පිටවුනොත් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ස්පාඤ්ඤ ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණත් කාලෙස් පුයිජ්මොන්ට් (Carles Puigdemont) එය නොතකා හරිමින් මෙම සංචාරයේ නිරත වෙයි.
කාලෙස් පුයිජ්මොන්ට් යටතේ පාලනය වූ කැටලෝනියාව ඒකපාර්ශ්වීය මට්ටමින් නිදහස ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ මේ අර්බුදය ආරම්භ විය.
එම අර්බුදයත් සමඟ බලයෙන් පහ කරන ලද කාලෙස් පුයිජ්මොන්ට් සිය ඇමතිවරුන් හතර දෙනකු ද කැටුව බ්‍රසල්ස් නගරයට පැමිණ එහි රැකවරණ ලබමින් සිටියි.
කාලෙස් පුයිජ්මොන්ට් අත්අඩංගුවට ගන්නා මෙන් ස්පාඤ්ඤ අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබ තිබුණත් බෙල්ජියම ඒ සඳහා පියවර ගත්තේ නැත.

බෙල්ජියමේ ජීවත්වෙන බලයෙන් පහ කෙරුණ කැටලෝනියානු නායකයා සහ ඔහුගේ ඇමතිවරුන් හතර දෙනා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවක් මැඩ්රිඩ් පාලනය විසින් කලින් නිකුත් කරනු ලැබ තිබුණත් පසුව එය ඉවත්කර ගනු ලැබුණි.
මේ අතර ස්පාඤ්ඤය කාලෙස් පුයිජ්මොන්ට්ගේ නායකත්වයෙන් පැවති කැටලෝනියානු ප්‍රාන්ත පාලනය විසුරුවා හරිමින් එහි ව්‍යවස්ථාදායකය සඳහා අලුතින් නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ මැතිවරණයක් කැඳවන ලද අතර, පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වුන එම මැතිවරණයෙන් ද වැඩි බලයක් හිමිවුණේ කැටලෝනියාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ වලටයි.
එම මැතිවරණ ප්‍රතිපල අනුව කාලෙස් පුයිජ්මොන්ට් නායකත්වය දෙන දේශපාලන පක්ෂය (Junts per Catalunya) ඉදිරියෙන් සිටියි.

එම ප්‍රතිපලය අනුව කාලෙස් පුයිජ්මොන්ට් යළිත් කැටලෝනියාවේ ජනාධිපති පදවියට පත්කර ගැනීමේ සැලැස්මක් ඇති නමුත් ස්පාඤ්ඤ ආණ්ඩුව ඊට විරෝධය පළ කරයි.
සබැඳි පුවත්;



























