ට්‍රක් රිය යුද ටැංකියක් කර 'ඉන්ටර්නෙට් තරුවක්' වීමේ තැත වැරදී

ඡායාරූප මූලාශ්‍රය, CCTV
භාවිතයෙන් ඈත් කර තිබු ට්‍රක් රථයක් යුද ටැංකියක් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට සිය රියදුරු බලපත්‍රය අහිමිවීම පිළිබඳව චීනයෙන් වාර්තා වේ.
දකුණු දිග ගුවාංෂී පළාතේ ලයිබින් නගරයේ වෙසෙන හුවාංග් නම් වාසගමක් සහිත එම පුද්ගලයා සිය පැරණි රථය වෙනස් කිරීම සඳහා මාස දෙකක කාලයක් ගතකර ඇති බව චීනයේ CCTV News පුවත් සේවය පැවසීය. ට්‍රක් රියේ හැඩය වෙනස් කිරීමෙන් නොනැවතී ඊට යුද ටැංකියක මෙන් වෙඩි බටයක් සහ රාඩාර් සංඥා තැටියක් ඔහු විසින් සවි කරනු ලැබුවේ සිය කාර්මික දක්ෂතාව හේතුවෙන් අන්තර්ජාලය තුළ තරුවක් වීමේ අපේක්ෂාවෙනි.
ඊට හමුදා වෙස් ගැන්වීම් (camouflage) පින්තාරුවක් ද කළ ඔහු එය සමාජ මාධ්‍ය ජාල හරහා සිය මිතුරන් වෙත යැවුව ද, එය බලධාරීන්ගේ අවධානය ද ලබාගෙන තිබේ. ජනවාරි 22 වෙනිදා සිය රථය මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමට යාමේදී පොලිසිය නිරීක්ෂණය කළ බව CCTV News පුවත් සේවය සඳහන් කළේය.,
පෙබරවාරි 1 වෙනිදා පළවූ වාර්තාවල දැක්වෙන පරිදි එම රියදුරාට යුවාන් 1,750ක (ඩොලර් 278) දඩයක් නියම කර ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කර ඇත.
පොලිස් ස්ථානයට කැඳවා හුවාංග් ගේ "සුරක්ෂිතතා අධ්‍යාපනය" පිළිබඳ ඇගයීමක් කළ පොලිසිය පැවසුවේ, ඔහු පැදවූ රථයෙන් "මාර්ග ප්‍රවාහන සුරක්ෂිතතා නීතිය උල්ලංඝනය වන අතරම එය ඔහුට මෙන්ම අන් අයටද තර්ජනයක් බැවින්" රාජසන්තක කර "විනාශ කෙරෙනු ඇත" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, MIAOPAI
මේ පුවත සමාජ මාධ්‍ය හරහා පළවෙද්දී, හුවාංග් මහත්මයාගේ රථය "පොලිසියට භීතිය දනවලා" විය යුතුයි යනුවෙන් එක පරිශීලකයකු කියා තිබේ.
තවත් අයෙක් කියා තිබුනේ "යුද ටැංකි සඳහා මාර්ග වීවෘත නැති බව තේරුම් ගැනීම ඒ තරම් අමාරු දෙයක් නොවෙයි" යනුවෙනි.
තවත් අයෙකු විවේචනශීලීව කියා තිබුනේ "අන්තර්ජාල තරු ඕනෑවටත් වඩා" සිටින බවය.
මේ තොරතුරු ද දැනගන්න :



























