ප්‍රංශ ප්‍රාණ ඇපකරුවෝ මුදා ගැනෙති;තුවක්කුකරු මරා දැමෙයි.

සුපිරි වෙළෙඳසල

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

දකුණු ප්‍රංශයේ Trèbes නගරයේ සුපිරි වෙළෙඳසලකට කඩා වැදුන තුවක්කුකරු මරා දමන ලද බව නිවේදනය කරනු ලැබ ඇත.

ඉන්පෙර, තුවක්කුකරුවා විසින් තිදෙනෙකුට වෙඩි තබනු ලැබ ඇති අතර ඔවුහු මරණයට පත් වූ බව ප්‍රංශ වාර්තා මගින් පැවසෙයි.

සුපිරි වෙළෙඳසලෙහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් වැඩිදෙනා සහ පාරිභෝගිකයෝ තුවක්කුකරුගේ ග්‍රහණයෙන් මිදී පළා යාමට සමත් වූහ.

පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්

ජනතාව මුදා ගැනීමෙන් අනතුරුව තුවක්කුකරු සහ පොලිස් නිලධාරියෙක් පමණක් මේවනවිට වෙළෙඳසලෙහි සිටින බව 'Trèbes' නගරාධිපතිවරයා ප්‍රකාශ කළ බව ආරක්ෂක ආරංචි මාර්ගයක් AFP පුවත් සේවයට පවසා ඇති බවත් වාර්තා කරනු ලැබ ඇත.

සුපිරි වෙළෙඳ සැල ඉදිරිපිට පැවති තත්වය
ඡායාරූප ශීර්ෂ වැකිය, සුපිරි වෙළෙඳ සැල ඉදිරිපිට පැවති තත්වය

තුවක්කුකරුවා සුපිරි වෙළෙඳසලෙහි පාරිභෝගික ජනතාව ඔහුගේ ප්‍රාණ ඇපයට ගැනීමට පෙර ව්‍යායාම සඳහා ධාවනයේ යෙදෙමින් සිටි පොලිස් භටයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි තබා ඇති බවක් ද ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

තමා ඉස්ලාම්ය රාජ්‍ය සංවිධානයට අයත් බව තුවක්කුකරුවා පවසන්නේයැයි නීති නිලධාරියෙක් කියා සිටියේය.

මෙය බරපතළ සිද්ධියක් ලෙස විග්‍රහ කරන ප්‍රංශ අගමැති එඩුවාඩෝ පිලිපේ (Édouard Philippe) එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට සියලු සාධක ඇති බවත් කියා සිටියේය.

දකුණු ප්‍රංශය

2015 ජනවාරි මාසයේ ජිහාඩ්වාදී තුවක්කුකරුවකු විසින් පැරිස් අගනුවර සුපිරි වෙළෙඳසලකට එල්ල කරන ලද ප්‍රහාරයකින් හතර දෙනෙක් මියගියහ.

සමාන ප්‍රහාර;