රුසියාවේ ගින්න: සාප්පු සංකීර්ණයේ සිටි රැසක් මියයති

ඡායාරූප මූලාශ්‍රය, AFP
සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
රුසියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට දරුවන් ද ඇතුළුව තව බොහෝ පිරිසක් අතුරුදන්ව සිටිති.
වින්ටර් චෙරි සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන ඇති අතර ඊට ගොදුරුවූ වැඩිදෙනා සිනමා ශාලා තුළ වුවෝ වෙති.
ජීවිත ගලවා ගැනීම සඳහා ජනේලවලින් ඇතැමුන් පිටතට පනින අයුරු සමාජ මාධ්‍ය හරහා පළවූ වීඩියෝ දර්ශනවල දකින්නට විය.
රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝමීටර 3,600ක් (සැතපුම් 2,200) නැගෙනහිරින් පිහිටි කෙමෙරොවෝ ප්‍රමුඛ පෙළේ ගල් අඟුරු නිෂ්පාදනය කරන ප්‍රදේශයකි.

මේ තොරතුරු ද දැනගන්න :
ගින්නට හේතුව නිශ්චිතව අනාවරණය වී නැතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.
ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කුර්ස් විපතට පත්වුවන්ගේ පවුල්වලට මෙන්ම හිතවතුන්ට සිය සංවේගය පිරිනැමීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ගින්න හටගත්තේ කොතැනද?
2013 වසරේදී විවෘත කෙරුණු සාප්පු සංකීර්ණය සිනමා ශාලා, ආපනශාලා, බෝලිං ක්‍රීඩාගාරයක් මෙන්ම ළමා සත්ත්වෝද්‍යානයකින් ද සමන්විතය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට එහි වේලාවෙන් සවස 5 ට පමණ ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ විනෝදාස්වාද සංකීර්ණය අයත් කොටසේය.
"මූලික වාර්තාවලින් දැක්වෙන ආකාරයට සිනමා ශාලා දෙකක වහල කඩාවැටිලා" යැයි රුසියානු විමර්ශන කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.
වර්ග මීටර 1,500ක ප්‍රදේශයක ගින්න පැවති බව කෙමෙරොවෝ ප්‍රාදේශීය හදිසි තත්ත්ව දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී යෙව්ගෙනි දෙද්යුඛින් පැවසීය.
අනතුරට ලක්වූවන්
කෙමෙරොවෝහි නියෝජ්‍ය ආණ්ඩුකාර ව්ලද්මීර් චෙරොනොෆ් පැවසූ පරිදි සිනමා ශාලාවකින් මළසිරුරු 13ක් සොයාගෙන තිබේ.
හදිසි සේවා විසින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන ඇති අතර තවත් 29 දෙනෙකු ගලවාගෙන ඇති බව ඉටාර්-ටාස් ප්‍රවෘත්ති එන්ජන්සිය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters



























