බ්‍රිතාන්‍යය: දශක ගණනකට පසු උණුසුම් වූ අප්‍රේල් මාසය
Published
දැඩි සීතලෙන් පීඩා විඳි මාස ගණනාවකට පසුව බ්‍රහස්පතින්දා (අප්‍රේල් 19) බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 ක් දක්වා ඉහළ ගියේය.
1949 වර්ෂයෙන් පසුව අප්‍රේල් මාසයේ දිනක වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මෙය ලෙස සඳහන් වේ.
සාමාන්‍යයෙන් එක්සත් රාජධානිය තුළ අප්‍රේල් මස උපරිම උෂ්ණත්වය ලෙස සටහන් වන්නේ සෙල්සියස් අංශක 11.9 කි.
අව් රශ්මිය විඳ ගැනීමේ අරමුණින් බොහෝ බ්‍රිතාන්‍ය වැසියෝ උද්‍යාන සහ වීදි පුරා ප්‍රීතියෙන් ඇවිද යනු දක්නට ලැබුණි.
මහජනතාව පමණක් නොව, සතුන් පවා හිරු එළියේ උණුසුම විඳිනු කැමරා කාචවල මෙසේ සටහන් වී තිබිණ.

ඡායාරූප මූලාශ්‍රය, @CI_STYLE
ඡායාරූප ශීර්ෂ වැකිය, එසෙක්ස් ප්‍රදේශයේ ගෙමිදුලක තැබූ පුටුවක දිගා වී උණුසුම විඳින බළලෙක්
ඡායාරූප මූලාශ්‍රය, PA
ඡායාරූප ශීර්ෂ වැකිය, තුන් හැවිරිදි 'ජේඩන්' උද්‍යානයක වැතිරී හිඳ අයිස්ක්‍රීමයක රස බලමින්
ඡායාරූප මූලාශ්‍රය, JENNIFER PIMLOW
ඡායාරූප ශීර්ෂ වැකිය, හිරු රශ්මියෙන් අමන්දානන්දයට පත් 'ෆ්‍රෑන්ක්' නමැති බලු පැටවා
ඡායාරූප මූලාශ්‍රය, PA
ඡායාරූප ශීර්ෂ වැකිය, උණුසුම් දිනයේ උපරිම ආශ්වාදය විඳින ලන්ඩන් වැසියෝ
ඡායාරූප මූලාශ්‍රය, WOBURN SAFARI PARK
ඡායාරූප ශීර්ෂ වැකිය, බෙඩ්ෆඩ්ශයර්හි පිහිටි වෝබන් සත්වෝද්‍යානයේ වෙසෙන 'සයිබීරියන් කොටි සහෝදරයන්' දෙදෙනෙකු දැඩි උණුසුම මඟ හැරීමට සීතල ජලයට බැස සිටින ආකාරය
ඡායාරූප මූලාශ්‍රය, PA
ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩනයේ ශාන්ත ජේම්ස් උද්‍යානය හරහා ඇවිද යන කාන්තාවක්
ඡායාරූප මූලාශ්‍රය, BCH POLICE DOGS
ඡායාරූප ශීර්ෂ වැකිය, 'හාලි' නැමැති මෙම පොලිස් සුනඛයා දිවා ආහාරය සඳහා ඇති විවේක කාලය තුළ සිසිල් ජලය පිරි බේසමක බැස සිටිනු දක්නට ලැබුණි
ඡායාරූප මූලාශ්‍රය, PA
ඡායාරූප ශීර්ෂ වැකිය, හිරු එළියෙන් නැහැවී ගිය කේම්බ්‍රිජ් නගරයේ ඔරු පදින පිරිසක්
ඡායාරූප මූලාශ්‍රය, KATE BEVERIDGE
ඡායාරූප ශීර්ෂ වැකිය, 'හැසොක්ස්' නගරයේ ජීවත් වන 'ලොකී' මාස ගණනාවකට පසු දැඩි හිරුඑළියේ උණුසුම විඳිමින් ...
ඡායාරූප මූලාශ්‍රය, HEATHER JAY
ඡායාරූප ශීර්ෂ වැකිය, හිරු උදාව 'සැල්ස්බරි' නගරයට දිස් වූයේ මෙසේය
ඡායාරූප මූලාශ්‍රය, PHYL CRAWLEY
ඡායාරූප ශීර්ෂ වැකිය, නිවස ඉදිරිපිට තබා ඇති පිළිරුව අනුකරණය කරමින් හිරුඑළියේ වැතිරී සිටින 'මොන්ටි'
ඡායාරූප මූලාශ්‍රය, PA
ඡායාරූප ශීර්ෂ වැකිය, තම සුරතලා සමග 'බ්ලැක්පූල්' මුහුදු වෙරළේ ඇවිද යන පුද්ගලයෙක්
ඡායාරූප මූලාශ්‍රය, @ROSIEGAMGEEWARD
ඡායාරූප ශීර්ෂ වැකිය, වයස අවුරුදු හයක් වන 'රෝසි ගැම්ගී' හිරුඑළියේ උණුසුම විඳිමින් ...