ඉරාන සහ මැද පෙරදිග උණුසුම නිසා වාර්තාගත ලෙස ඉහළ යන ඉන්ධන මිල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැද පෙරදිග උණුසුම් දේශපාලන වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික වන අතර, වසර තුනකට අධික කාලයකට පසුව තෙල් මිල මෙතරම් ඉහළ ගිය පළමු වතාව මෙයයි.
අවසාන වතාවට බොරතලේ මිල මෙතරම් ඉහළ ගියේ 2015 මාර්තු මාසයේ දීය.
පසුගිය දින හය මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර, ඒ අනුව මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වනවිට මිල 20% කින් ඉහළ ගොස් ඇත.

දෙපාර්ශ්වය අතර ගැටුම් උණුසුම ඉහළ යාමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ ඛනිජ තෙල්වලට එරෙහිව යළිත් වරක් සම්බාධක පැණවීමට ඉඩ තිබෙන බවට පළවන බිය තෙල් මිල එතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුවය.
ඉරානය සමග අත්සන් තබා තිබෙන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වන්නේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය ලබන මැයි 12 වෙනි දින වන විට තීරණය කිරීමට නියමිතය.
ඉන්ධන නිෂ්පාදනය කපා හැරීමට 'ඔපෙක්' සංවිධානය සහ රුසියාව ඇතුලු ඉන්ධන නිපදවන අනෙක් රටවල් පසුගිය වසරේ එකඟවීමෙන් අනතුරුව මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවතුණි.
මේ වසරේ අග භාගය දක්වා තෙල් නිෂ්පාදනය කපා හැරීමට ඔවුහු පසුගිය නොවැම්බරයේ දී එකඟ වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැයි 12 වෙනි දිනට පෙර අදාළ න්‍යෂ්ඨික සම්මුතියේ පවතින "දරුණු අඩුපාඩු" නිවැරදි කිරීමට සිය යුරෝපීය හවුල්කරුවන් ක්‍රියා නොකරන්නේ නම්, ඉරානයට එරෙහි සම්භාධක යළිත් පණවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය එම සම්මුතියට අත්සන් තැබූ අනෙක් හවුල්කරුවෝය. සම්මුතිය දිගටම ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අභිලාශය වී තිබේ.
සම්බාධක යළිත් පණවනු ලැබුවහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බව CMC Markets ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක මයිකල් හෙව්සන් (Michael Hewson) මේ අතර පෙන්වා දී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ලෝක වෙළෙඳපොලේ මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවේ ද තෙල් මිල ඉහළ දැමිය යුතු දැයි යන්න පිළිබඳ ආණ්ඩුව සලකා බලමින් සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි.
එසේ තෙල් මිල ඉහළ දමනු ලබන්නේ නම් එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් තීරණය කළ යුත්තක් බව ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය අර්ජුන රණතුංග පසුගියදා සඳහන් කර තිබුණි.
තවත් කියවන්න:
- සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති
- ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මහින්ද රාජපක්ෂගේ ඇසින්
- "අවශ්‍ය තරම් පෙට්‍රල් තිබෙනවා", නියෝගය අහෝසියි
- හතරවෙනි දවසටත් පෙට්‍රල් හිඟයක් - දිග පෝලිම්
- ලෝක යුද්ධය, 'ජපාන වීරයෝ' සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි
- ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද?



























