ගගනගාමී ඇඳුමෙන් එන හොරු දෙන්නෙක්

India

ඡායාරූප මූලාශ්‍රය, COURTESY: DELHI POLICE

ඡායාරූප ශීර්ෂ වැකිය, "ගගනගාමීන්ගේ ඇඳුමෙන්" සැරසී ව්‍යාපාරිකයෙකු රවටා මුදල් ලබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

'නාසා' අභ්‍යවකාශ ආයතනයේ වෘත්තිකයන් බව පෙන්වීම සඳහා "ගගනගාමීන්ගේ ඇඳුමෙන්" සැරසී ව්‍යාපාරිකයකු රවටා මුදල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඩොලර් ලක්ෂ දෙකකට වැඩි වටිනාකමකින් ඇතැයි පවසමින් මෙම ව්‍යාපාරිකයාට තඹ තහඩුවක් විකිණීමට එම පිය පුතු දෙදෙනා උත්සාහ කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

ඔවුන් එම තඹ තහඩුව "විශේෂ භාණ්ඩයක්" ලෙස නම් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම තඹ තහඩුව ඩොලර් 213,156 කට ව්‍යාපාරිකයාට විකිණීමට තැත් කළ ඔවුන් දෙදෙනාල එය ඊට වැඩි මිලකට ඇමරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට විකිණිය හැකි බවත් ප්‍රකාශ කර ඇත.

එහෙත් ඒ පිළිබඳව සැක සිතූ ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලකින් පසු අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුණි.

මෙම සිද්ධිය අලළා සමාජ මාධ්‍ය ජාල තුළ හාස්‍ය උපදවන ප්‍රකාශන රැසක් පළ කරනු ලැබ ඇත.

ගගනගාමීන් භාවිතා කරන විශේෂ ඇඳුම් කට්ටලයකින් සැරසුන පියා සහ පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැඳවාගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය තුළ පැතිර යමින් පවතී,

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2

End of X post, 2

Skip X post, 3

End of X post, 3

Skip X post, 4

End of X post, 4

එම පුද්ගලයන් දෙදෙනා අදාළ තඹ තහඩුව ව්‍යාපාරිකයාට පෙන්වා ඇත්තේ "දුර්ලභ ගණයේ වස්තුවක් " යයි හඳුන්වා දෙමිනි.

තඹ තහඩුවට "අකුණුසැර වැදීමෙන්" හාල් ඇට ඇද ගැනීමේ චුම්බක බලයක් ඊට ආරෝපණය වී ඇතැයි ඔවුන් පවසා ඇති බවත් පොලිසිය පවසයි.

"හාල් ඇදෙන" චුම්බක තඹ තහඩුව ඩොලර් කෝටි පහ හමාරකට තමන්ට 'නාසා' ආයතනයට විකුණා ගතහැකි බව ඔවුන් දෙදෙනා ව්‍යාපාරිකයාට අඟවා ඇත.

නමුත් "හාල් ඇදෙන" තඹ තහඩුවක් නොමැති අතර, ඉහත කී පුද්ගලයන් දෙදෙනා තඹ තහඩුවකට "චුම්භක බලයක් සහිත දියරයක්" ආලේප කරමින් ව්‍යාපාරිකයා රැවටීමේ අරමුණින් ඊට කුඩා යකඩ කම්බි සවිකර ඇති බව ඉන්දියානු පොලිසිය පවසයි.

ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් හෝ එම ක්‍රියාව නිසා ඇති වූ අපකීර්තිය ගැන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා ප්‍රතිචාරයක් දක්වා නොමැත.

මේ තොරතුරුද කියවන්න: