ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවන ලකුණු

පලස්තීනය තවදුරටත් නොසන්සුන්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීනය තවදුරටත් නොසන්සුන්
Published
කියවීමේ කාලය: මිනිත්තු 1

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දී පුද්ගලයන් පනස් පස් දෙනෙකු මරා දමනු ලැබීමත් සමග පලස්තීන බල ප්‍රදේශ තුළ ඊශ්‍රායලයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

සති හතක සිට ගාසා තීරයේ දේශසීමා වැට ආසන්නයේ පවතින විරෝධතාවල මෙතෙක් දක්නට ලැබුණු උග්‍රතම අවස්ථාව සඳුදා වාර්තා විණි.

1948 වසරේදී ඊශ්‍රායලය නිර්මාණය කිරීමෙන් අනතුරුව හටගත් ගැටුම් අතරේ පලස්තීනුවන් අතිවිශාල පිරිසකට උන්හිටි තැන් අහිමිවීම එනම් ඔවුන් 'නැක්බා' (Nakba) නමින් හඳුන්වන සිදුවීමට අඟහරුවාදාට (මැයි 15) වසර 70 සපිරේ.

පලස්තීනය තවදුරටත් නොසන්සුන්

පලස්තීනුවන් කුපිත කිරීමට තුඩු දුන් කරුණක් වන ඇමෙරිකාව සිය තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීමත් සමග සඳුදා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

නැගෙනහිර ජෙරුසලම අනාගත පලස්තීනයේ අග නගරය බව පලස්තීනුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙනයාම, ඊශ්‍රායලයට සමස්ත නගරයේම පාලනය අත්පත් කරගැනීමට සහය දැක්වීමක් ලෙස ඔවුන් සලසකයි. මේ අතර ඊශ්‍රායලය ජෙරුසලම සලකන්නේ නොබෙදිය හැකි නගරයක් ලෙසිනි.

සඳුදා මියගිය සංඛ්‍යාවට අමතරව, 2 700 ක් පමණ දෙනා තුවාල ලබා ඇති බව පලස්තීන බලධාරීහු පවසති.

2 700 ක් පමණ දෙනා තුවාල ලබා ඇති බව පලස්තීන බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2 700 ක් පමණ දෙනා තුවාල ලබා ඇති බව පලස්තීන බලධාරීහු පවසති.

ගාසා තීරයේ ඉස්ලාමීය හමාස් සංවිධානයේ පාලකයින්ට එරෙහිව තමන්ගේ හමුදා ආරක්ෂක පියවර ගනිමින් සිටින බව පවසන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පෙන්වාදෙන්නේ ඊශ්‍රායලය විනාශ කිරීමට හමාස් සංවිධානයට අවශ්‍ය වී ඇති බවය.

ජෙරුසලම පිළිබඳ මතභේදය ඊශ්‍රායල පලස්තීන ගැටුමේ ආරම්භය දක්වා දිවයන්නකි. විශේෂයෙන් නැගෙනහිර ජෙරුසලම තුළ යුදෙව්, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රජාවන් විසින් පුජනීයත්වයේ ලා සලකනු ලබන ප්‍රධාන ආගමික සිද්ධස්ථාන කිහිපයක් පිහිටා තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම්

සබැඳි පුවත්: