ට්‍රම්ප්-කිම් සමුළුවේදී මාධ්‍යවේදීන්ට දුන් USB උපාංගය 'සයිබර් ආරක්ෂාවට තර්ජනයක්'

Trump - Kim Summit 2018
ඡායාරූප ශීර්ෂ වැකිය, USB උපාංගය සවි කළ පංකාව සහ එහි විස්තර ඇතුළත් උතුරු කොරියානු නායකයාගේ රුව සහිත CD තැටිය
Published
කියවීමේ කාලය: මිනිත්තු 1

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර සිංගප්පූරුවේ දී පැවති ඓතිහාසික සමුළුවට පැමිණි මාධ්‍යවේදීන් වෙත USB උපාංගයක් සවි කළ පංකාවක් ලබා දීම ගැන සයිබර් ආරක්ෂක විශේෂඥයෝ විශ්මය පළ කරති.

එසේ ලබාදුන් USB උපාංග වාර්තාකරුවන්ගේ පරිගණකවලට සවි කිරීමෙන් අනිෂ්ට මෘදුකාංග (Malware) ඇතුළු විය හැකි බවට ඇතමුන් අනතුරු අඟවා තිබේ.

සමුළුවට පැමිණි මාධ්‍යවේදීන්ට පංකාවක්, ජල බෝතලයක් සහ දේශීය මාර්ගෝපදේශ පොතක් ඇතුළු 'තෑගි මල්ලක්' ලබා දී තිබේ.

රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ සිංගප්පූරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් ලෙස සටහන් විය.

නෙදර්ලන්ත මාධ්‍යවේදියෙකු වන හැරල්ඩ් ඩොර්න්බොස් (Harald Doornbos) මෙම අසාමාන්‍ය පංකාවේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබිණ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"ට්‍රම්ප්-කිම් සමුළුවට පැමිණි මාධ්‍යවේදීන්ට ලැබුණු කට්ටලයේ, සිසිල්ව සිටීම සඳහා ඉතා කුඩා USB උපාංගයක් සවි කළ පංකාවක් තිබුණා. සිංගප්පූරුවේ අද ඉතා උණුසුම් කාලගුණයක් තිබෙන්නේ. එය සෙල්සියස් අංශක 33ක් හෝ ඊට වැඩියි. නමුත් එය 'පෝරණු' අතර රජු වන ඩුබායි තරම් නම් උණුසුම් නැහැ" යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

"තාක්ෂණික ඉංජිනේරුවෙක් යම්කිසි USB උපාංගයක් පරිගණකයකට සවිකර එහි ඇති මෘදුකාංග පිටපත් කර ගැනීම වසර ගණනාවක සිට සිදු වන දෙයක්," යැයි සරේ විශ්ව විද්‍යාලයේ සයිබර් ආරක්ෂණ විශේෂඥ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් පැවසීය.

"සයිබර් ආරක්ෂණය ගැන කියන විශේෂ දෙයක් තිබෙනවා: ඔබේ පරිගණකයට කිසියම් පුද්ගලයෙකුට පිවිසීමට ඉඩ ලබා දෙන්නේ නම්, එය තවදුරටත් ඔබේ පරිගණකය වෙන්නේ නැහැ. නොදන්නා USB උපාංගයක් භාවිතා කිරීමෙන් සිදු වන්නේ එයයි," මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් තවදුරටත් පැවසුවේය.

මෙම තෑගි මල්ල සකසන ලද්දේ සිංගප්පූරුවේ සන්නිවේදන අමාත්‍යාංශය විසිනි.

මෙම ත්‍යාගය සහ උතුරු කොරියාව අතර සම්බන්ධතාවක් දැනගැනීමට ලැබී නැත. කෙසේවෙතත්, සයිබර් ආරක්ෂාව කඩකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට බොහෝ චෝදනා එල්ල වී තිබේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ තොරතුරුද කියවන්න: