ඇසෑමයේ මිලියන හතරකට පුරවැසිභාවය අහිමි කිරීමෙන් "රටක් අහිමි ජනතාවක් බිහි කෙරේවි"

Living in limbo: Assam's four million unwanted
Published

ඊශානදිග ඉන්දීය ඇසෑම් ප්‍රාන්තයේ ලක්ෂ හතලිහක පමණ පිරිසකට පුරවැසිභාවය අහෝසි වෙන ලැයිස්තුවක් ඉන්දීය බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

1971 මාර්තු 24 වෙනි දින වන විට මෙම ප්‍රාන්තයේ ජීවත්වූ බවට තහවුරු කළ හැකි පිරිසගේ නම් පුරවැසියන්ගේ ජාතික ලැයිස්තුවට (NRC) ඇතුළත් වේ. ඉන්දියාවේ අසල්වැසි බංග්ලාදේශය නිදහස ප්‍රකාශයට පත් කළේ එයින් දෙදිනකට පසුවය.

බංග්ලාදේශයේ සිට පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් හඳුනාගැනීම මෙම ක්‍රියාවලියේ අරමුණ බව ඉන්දියාව පවසයි.

නමුත් මෙය සෑම් ප්‍රාන්තයේ වාසය කරන සුළුතර ජනවර්ගය ඉලක්ක කරගත් සැලසුම් සහගත ක්‍රියාවක් බවට බිය පළවෙමින් පවතී.

Four million people have been excluded from the list, which throws their citizenship into doubt

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ප්‍රචණ්ඩ ක්‍රියා හටගනු ඇති බවට පවතින බිය හේතුවෙන් පුරවැසිභාවය නොමැති කිසිම පුද්ගලයකු දැන්ම පිටුවහල් නොකරන බව ද බලධාරීහු පවසති.

පුරවැසිභාවය නොමැති අයට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව නිලධාරීන් පවසන අතර අභියාචනා විභාග වන තුරු දස ලක්ෂ සංඛ්‍යාත පවුල්වලට සිය පුරවැසිභාවය ගැන අවිනිශ්චිතතාවකින් දිවි ගෙවීමට සිදුවිය හැකිය.

මෙය බලපාන්නේ කාටද ?

1971 මාර්තු 26 වෙනි දින බංග්ලාදේශය පාකිස්තානයෙන් වෙන්වී සිය නිදහස ප්‍රකාශයට පත්කරන විට ඇතිවූ දරුණු ගැටුම් හේතුවෙන් මිලියන ගණනක් ජනතාව අසල්වැසි ඉන්දියාවට පලා ගිය අතර ඔවුන් බහුතරයක් සරණාගතයන් ලෙසින් ඇසෑම් ප්‍රාන්තයේ පදිංචි වූහ.

Questions of identity and citizenship have long vexed a vast number of people living in Assam

1985දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අත්සන් තැබූ ඇසෑම් සම්මුතියට අනුව 1971 මාර්තු 24ට පෙර ප්‍රාන්තයට පැමිණි බව තහවුරු කළ නොහැකි පුද්ගලයන් ඡන්ද නාම ලේඛනයෙන් ඉවත්කර පිටුවහල් කිරීමට තීරණය වී තිබුණි.

මේ අනුව මිලියන 32ක් ජනතාව තමන් 1971 මාර්තු 24ට පෙර පැමිණි බවට තහවුරු කිරීමට ලියකියවිලි ඉදිරිපත් කළ අතර එයින් මිලියන හතරක පිරිසක් ජාතික පුරවැසි නාමාවලියෙන් ඉවත් කර තිබේ.

මිලියන 4ක් වන පුරවැසිභාවය නොමැති මෙම පිරිස පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේ දැයි ඉන්දියාව තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර මෙම ජනතාව නැවත භාරගනු ලබන්නේ ද යන්න ගැන දැනට මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදයෙන් ද පීඩාවට පත්ව සිටින බංග්ලාදේශය ද කිසිවක් ප්‍රකාශ කර නොමැත.

බංග්ලාදේශය මෙම ජනතාව භාරගැනීම අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරනු ඇති බව දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකරු සවුතික් බිස්වාස් පවසයි. ඒ අනුව ඉන්දියාවේ මෙම ක්‍රියාවලිය මගින් මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව මෙන් රටක් අහිමි ජනකොටසක් බිහි කෙරෙනු ඇති බව ද සඳහන් කරයි.