ඉන්දියාවේ 100 වෙනි ගුවන් තොටුපොළේ තොරතුරු

සිකීම් ගුවන් තොටුපොළ

ඡායාරූප මූලාශ්‍රය, Rajiv Srivastava

Published

ඉන්දියාවේ 100 වෙනි ගුවන් තොටුපොළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ඊයේ විවෘත කරනු ලැබූ අතර, සිකිම්හි පිහිටි එය ලොව සුන්දරතම ගුවන් තොටුපොළ අතරින් එකක් ලෙසට මත ඉදිරිපත්ව තිබේ.

කඳුකර ප්‍රදේශවලින් ගහන වූ සිකිම්හි ලොව තෙවෙනි උස ම කන්ද ලෙස සැලකෙන කාන්චෙන්ජුංගා පිහිටා තිබේ. මෙම ප්‍රාන්තය ටිබෙට්, භූතානය සහ නේපාලය යන රටවල දේශසීමා ආසන්නයේ පිහිටා ඇත.

සිකිම් ගුවන් තොටුපොළ

ඡායාරූප මූලාශ්‍රය, Rajiv Srivastava

පක්යොංහි පිහිටි සිකිම් ප්‍රාන්තයේ පළමු ගුවන් තොටුපොළ වන මෙය, 'ඉන්ජිනේරු ශිල්පයේ විස්මයක්' ලෙස හඳුන්වයි.

චීන දේශ සීමාවේ සිට කිලෝ මීටර් 60ක් පමණ දුරින් පිහිටි පක්යොං ගම්මානයට අයත් කඳු වැටියක් මත එය ඉදිකර තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 4500ක් ඉහළින් පිහිටි එය අක්කර 201ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.

සිකිම් ගුවන් තොටුපොළ

ඡායාරූප මූලාශ්‍රය, Rajiv Srivastava

මෙහි එකවර ගුවන් මගීන් 100 දෙනෙකුට සේවා සැලසිය හැකි පරිදි ඉදි කර ඇති මෙහි ගුවන් ධාවන පථය කිලෝ මීටර 1.75ක් දිග ය.

ගුවන් ධාවන පථය ඉදිකළ ඉන්දීය සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, කන්දක් මත ඉදිකිරීමට සිදු වීමත්, අයහපත් කාලගුණයත් නිසා මෙම 9 අවුරුදු ව්‍යාපෘතිය අතිශය අභියෝගාත්මක සහ විස්මිත එකක් වූ බව ය.

මේ තොරතුරු ද දැනගන්න :

සිකීම් ගුවන් තොටුපොළ

ඡායාරූප මූලාශ්‍රය, Rajiv Srivastava

ඔක්තෝබර් මස 4 වෙනිදා සිට මෙම ගුවන් තොටුපොළ හරහා පක්යොං සිට වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත ය.

සිකීම් ගුවන් තොටුපොළ

ඡායාරූප මූලාශ්‍රය, Rajiv Srivastava

සිකිම් ප්‍රාන්තය කඳුවැටි, ග්ලැසියර මෙන්ම ඉහළ මට්ටමක පිහිටි වැව්වලින් පිරී ඇති අතර මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීමේ අරමුණ වී ඇත්තේ, එම ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම ය.

සිකීම් ගුවන් තොටුපොළ

ඡායාරූප මූලාශ්‍රය, Rajiv Srivastava

ඡායාරූප : රජීව් ශ්‍රීවාස්තව