නිදහසේ කුණු කූඩය: සමාජ මාධ්‍ය ජාල
Published
වර්තමානයේ දී ලොවින් අඩකට ආසන්න ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කරති; ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්වල සිට වයිබෝ, වී චැට්, කකාඕ ස්ටෝරි යන මාධ්‍ය ජාල ආසියාව තුළ භාවිත කෙරේ.
බටහිර සහ උතුරු යුරෝපයේ සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මින් එක් ජාලයකට හෝ සම්බන්ධ වී ඇත.
නමුත්, සමාජ මාධ්‍ය තුළින් යහළුවන් සහ ප්‍රසිද්ධ චරිත අනුගමනය කර ඔවුන්ගේ ජීවිත අප සමග සංසන්දනය කිරීමෙන් ඉතා දුක්ඛිත තත්වයකට පත්වේ.
සමාජ මාධ්‍ය ජාල බහුලව පරිහරණය කරන පුද්ගලයන් සාංකාව, මානසික අවපීඩනය වැනි මානසික රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව පරීක්ෂණයකින් හෙළි වී තිබේ.
විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල හේතුවෙන් තමන්ගේ පෙනුම ගැන වැඩි අවධානයක් යොමුකිරීමට සිදුවන බව තරුණියෝ පවසති.
පහත ලැයිස්තුවෙන් යමක් තෝරා එය පීඩාකාරී බවේ සංකේතයක් වන්නේ කෙසේ දැයි දැනගන්න
රූපලාවණ්‍ය උපකරණ
"රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."
තවත් කියවන්න රූපලාවණ්‍ය උපකරණඇඟට අපහසු මෝස්‌තර
"කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."
තවත් කියවන්න ඇඟට අපහසු මෝස්තරමුළුතැන් ගෙයි උපකරණ
"කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ." - එමා
තවත් කියවන්න මුළුතැන් ගෙයි උපකරණනිවසේ මෙහෙවර
"සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."
තවත් කියවන්න නිවසේ මෙහෙවරතනපට
"ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්." - ලීසා
තවත් කියවන්න තනපටජනප්රිය තරු
"හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!." - වෙන්ඩි
තවත් කියවන්න ජනප්‍රිය තරුමංගල උත්සවය
"මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා." - මැටිල්ඩා
තවත් කියවන්න මංගල උත්සවයසමාජ මාධ්‍ය ජාල
"ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා." - රොෂාන්
තවත් කියවන්න සමාජ මාධ්‍ය ජාලදැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
"දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක." - ඇනා
තවත් කියවන්න දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩුතවත් යමක්
පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? "නිදහසේ කුණු බක්කිය" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න
තවත් කියවන්න තවත් යමක්
ඒ අතරම සමාජ මාධ්‍ය ජාලවල සාධනීය අංග ගැන ද සමහරු පෙන්වා දෙති. විශේෂයෙන්ම එමගින් තමන්ට නිදහසේ අදහස් දැක්විය හැකි අතර, හුදෙකලා වූ අවස්ථාවක සහනයක් ලබාගැනීමට හැකියාව තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.
ලිංගික හිරිහැර පිළිබඳ අදහස් දැක්වීමට කාන්තාවන්ට අවකාශ සැලසුන #MeToo ව්‍යාපාරය එවැනි එක් අවස්ථාවකි.