රිය අනතුරෙන් "පිලිප් කුමරුට හානියක් නැහැ" - බකිංහැම් මාලිගය

ඡායාරූප මූලාශ්‍රය, KL.FM 96.7
දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා මෙන්ම එඩින්බරාහි ආදිපාදවරයා ද වන පිලිප් කුමරු බ්‍රහස්පතින්දා (ජනවාරි 17) සවස මෝටර් රිය අනතුරකට මුහුණ පෑ බව බකිංහැම් මාලිගය පැවසීය
නෝෆෝක් හි පිහිටි රැජිනට අයත් සැන්ඩ්‍රින්හැම් වතුයාය සමීපයේ සිදුවූ අනතුරින් 97 හැවිරිදි පිලිප් කුමරුට හානියක් සිදුවී නොමැත.
බකිංහැම් මාලිගය පවසන පරිදි අනතුර සිදුවී තිබෙන්නේ, කුමරු ගමන්ගත් රථය වෙනත් රථයක ගැටීමෙනි.
ආදිපාදවරයා පැදවූ රේන්ජ්රෝවර් රථය වෙනත් මාර්ගයකට හැරවීමේදී මෙම අනතුර සිදුවී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ අනතුරත් සමග ආදිපාදවරයා පැදවූ රථය පෙරළුණු බවය.
මේ තොරතුරුත් කියවන්න:

රියෙන් පිටතට ඒමට තමන් අදිපාදවරයාට සහය වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
රාජකීය පවුල සම්බන්ධ බීබීසී පුවත් වාර්තාකරු නිකලස් විචෙල් පැවසුවේ, ආදිපාදවරයා යහපත් සිහියෙන් පසුවුවත්, දැඩි කම්පනයට ලක්ව සිටි බවකි.
නෝෆෝක් පොලිසිය උපුටා දක්වන ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අනෙක් රියෙහි සිටි දෙදෙනෙක්ට සුළු තුවාල සඳහා ප්‍රතිකාර කළ බවය.
සැන්ඩ්‍රින්හැම්හිදී වෛද්‍යවරයෙක් විසින් ආදිපාදවරයා පරික්ෂාවට ලක්කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ගෙවී ගිය නත්තලේ සිට රැජින සහ පිලිප් කුමරු සැන්ඩ්‍රින්හැම් වතුයායේ වෙසෙති.
2017 අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධ ජීවිතයෙන් ආදිපාදවරයා විශ්‍රාම ගත්තේය. ඔහු එසේ විශ්‍රාම ගනු ලැබුවේ, දශක ගණනාවක් පුරා රැජිනට සහය වෙමින් ද තමන්ගේ පුණ්‍ය කටයුතුවල (Charities) යෙදීමෙන් අනතුරුවය.



























