පෝකර් ක්‍රීඩාවෙන් දිනූ ඩොලර් ලක්ෂ 6 ක් දන් දුන් කැනේඩියානු බෞද්ධයා

ඡායාරූප මූලාශ්‍රය, POKERNEWS.COM
බුදුදහම සහ දක්ෂ පෝකර් ක්‍රීඩකයෙකු යනු එකිනෙක යා වෙන කාරණා දෙකක් නොවේ. එහෙත්, ස්කොට් වැලේන්බැක් (Scott Wellenbach) සම්බන්ධයෙන් නම් එහි ගැලපීමක් දැකිය හැකිය.
කැනේඩියානු පෝකර් ක්‍රීඩකයෙකු වන ස්කොට්, බහමාස්හි පැවති පෝකර් තරගාවලියකදී තෙවන ස්ථානය හිමි කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් 671,240 ක් ජයග්‍රහණය කළේය.
තමන් ජයග්‍රහණය කරන ලද සියලු මුදල් පුණ්‍යායතනවලට පරිත්‍යාග කරන හෙයින් ඔහු "ජනතාවගේ වීරයා" ලෙස හඳුන්වයි.
"ප්‍රායෝගිකව බුදුදහම පිළිපදින්නෙක් විදිහට මම ගොඩක් වේලා භාවනාවල නිරත වෙනවා. ඒ නිසයි මට නිදහසක් දැනෙන්නේ," ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.
මේ ගැනත් කියවන්න:
ඔහු ආගමික ලාභ නොලබන පුණ්‍යායතනයක් වෙනුවෙන්, ටිබෙට් සහ සංස්කෘත බසින් ලියැවුණු පොත් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන්නෙකු ලෙස ද කටයුතු කරයි.
තමන්ගේ ජීවිතය පිළිබඳව තෘප්තියක් නොපැවති හෙයින් ඔහු බුදුදහම වැළඳගෙන ඇත්තේ, තරුණ වියේදී මය.
මේ වන විට 67 හැවිරිදි වියේ පසුවන ඔහු, සෑම දිනක ම පැයක පමණ කාලයක් භාවනාවේ යෙදෙයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඔහු කුඩා කලදී ම පෝකර් ක්‍රීඩාව ඉගෙනගත් නමුත්, 2010 වසර තෙක් මුදල් ඉපයීම සඳහා ඔහු එහි නිරත වූයේ නැත.
ඔහු පළමු වරට පෝකර් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කළේ 2010 වසරේය, එය ලාස් වේගාස් වෙත නොමිලයේ සංචාරයක් විය.
ඔහු බහමාස්හි පැවති ජාත්‍යන්තර පෝකර් තරගාවලියට සහභාගි වී ඇත්තේ, ඉන්ටර්නෙට් මාර්ගයෙන් පැවති පෝකර් තරගාවලියක් ජය ගැනීමෙන් පසුවය.
බ්‍රහස්පතින්දා (17) වන තුරු ඔහු පෝකර් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කර තිබූ වැඩි ම ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 72,176 කි. බහමාස්හිදී දිනාගත් මෙම මුදල ඔහු හඳුන්වන්නේ, "තිත්ත රසයක්" ලෙසය.
"මට පෝකර් ක්‍රීඩාව සම්බන්ධයෙන් තවත් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා," ඔහු පැවසීය.
තවත් පුවත්:
බෞද්ධ පිළිවෙත
ජිවිතයේ අනිත්‍යය වටහා ගැනීම තුළින් සදාකාලික සුවය උදාකර ගැනීම අවධාරණය කරන බෞද්ධ පිළිවෙත් ඔහු තේරුම් ගන්නේ කෙසේද?
"ඒක ඉතා ම දුෂ්කරයි" ඔහු පිළිගත්තේය.
පුද්ගලයින් විශාල පිරිසකගේ මුදල් අහිමි කෙරෙන පෝකර් වැනි ක්‍රීඩාවක ඇති ආචාර ධර්ම කෙරෙහි ඔහු තමන්ගේ සැලකිල්ල යොමු කර තිබේ.
"මම හිත හදා ගන්නේ දිනන මුදල් පුණ්‍යයාතනවලට පරිත්‍යාග කිරීමෙන්," ඔහු තමන් ජයග්‍රහණය කරන මුදල් ඔක්ස්ෆාම් (Oxfam) සහ සීමා මායිම් නැති වෛද්‍යවරු (Doctors Without Borders) ආදී බෞද්ධ පුණ්‍යායතනවලට පරිත්‍යාග කරයි.
"පෝකර් ක්‍රීඩාව හරහා ඔබේ මනසේ දිව්‍ය ලෝකය සහ අපාය යන දෙක ම සමග ක්‍රියා කරන්න අවස්ථාව හිමි වනවා," ස්කොට් පවසයි.





























