ඔස්කාර්: ඔලීවියා කෝල්මන් හොඳම නිළිය ලෙස සම්මාන ලබයි

British actress

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

ඉරිදා රාත්‍රියේ (පෙබ 24) පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට බ්‍රිතාන්‍ය නිළි ඔලීවියා කෝල්මන් සමත් විය.

"Greek Book" චිත්‍රපටයට හෙඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිවිය.

මෙවර 91 වෙනි වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල පැවැත් වුනේ, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේය.

"The Favorite" චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය දිනාගත් ඔලීවියා කෝල්මන්, නරඹන්නන් අමන්දානන්දයට පත්කරමින් හාස්‍යජනක මෙන්ම සංවේදී කතාවක්ද ඇය පැවැත්වුවාය.

"Green Book" හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සහ තවත් සම්මාන දෙකක් දිනාගත්තේය.

Bohemian Rhapsody

ඡායාරූප මූලාශ්‍රය, AFP/Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සහය නළුවා සහ නිළිය: මහේර්ශාලා අලි සහ රෙජිනා කිං

නෙට්ෆ්ලික්ස් නිර්මාණයක් වූ "Roma" හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනු ඇතැයි බොහෝ දෙනා තුළ විශ්වාසයක් තිබිණි.

"Bohemian Rhapsody" වැඩිම සම්මාන හිමිකර ගත් චිත්‍රපටය බවට පත්වුයේ සම්මාන හතරක් දිනාගනිමිනි.

හොඳම නිළිය සඳහා කෝල්මන් සහ "The Wife" හි රඟපෑ ග්ලෙන් ක්ලෝස් අතර පැවතියේ තියුණු තරඟයකි.

මේ වන විට ක්ලෝස්, හොඳම නිළිය සඳහා හත් වරක් යෝජනා වී ඇති අතර ඉන් එක් වරක් හෝ ජය ගැනීමට ඇය සමත් වී නැත.

The British actress gave a heartfelt speech, saying: "It's genuinely quite stressful. This is hilarious. I got an Oscar!"

ඡායාරූප මූලාශ්‍රය, AFP

තම සම්මානය දිනාගත් පසු සතුටු කඳුළු වගුරවමින් කොල්මන් පැවසුවේ, "ඒක ඇත්තටම හරිම මානසික පීඩනයක්. මේක හාස්‍යයට කරුණක්! මට ඔස්කාර් සම්මානයක් ලැබිලා."

2009 දී කේට් වින්ස්ලට් මෙම සම්මානය දිනාගත් පසු එය දිනු ප්‍රථම බ්‍රිතාන්‍ය කාන්තාව වන්නේ කෝල්මන්ය.

The four award

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, හොඳම නළුවා: රාමි මලෙක්
Green Book producer Charles Wessler spoke on stage alongside director Peter Farrelly (right) and cast and crew after the film won the top award, best picture

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රීන් බුක් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ලබා

"Bohemian Rhapsody" චිත්‍රපටය හිටපු බ්‍රිතාන්‍ය ගායකයෙක් සහ ගීත රචකයෙක් වූ ෆ්‍රෙඩී මර්කරි ගේ ජීවිත කතාව සහ රොක් සංගීත කණ්ඩායමක් වූ කුවීන් (Queen) වටා බැඳුනු කතාවකි.

එම චිත්‍රපටයේ ෆ්‍රෙඩී මර්කරිගේ චරිතය රඟපෑ රාමි මලෙක් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේය.

සම්මාන උළෙලින් පසුව මලෙක් වේදිකාවෙන් වැටී ඇති අතර ඔහු පුටුවක හින්දවා ඇත්තේ ආරක්ෂක නිලධාරීන් විසිනි.

37 හැවිරිදි නළුවා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කළ අතර පසුව මාධ්‍යවේදීන් අමතන විට තමා මුහුණදුන් අනතුර ගැන ඔහු කිසිවක් හෙළිදරව් නොකළේය.