මෝදි දිවුරුම් දෙයි: මිලියන 1300ක ජනගහනයට කැබිනට් ඇමතිවරුන් 24යි

india

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

2019 ඉන්දීය මහ මැතිවරණය ජය ගත් නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස බ්‍රහස්පතින්දා (මැයි 30) දිවුරුම් දුන්නේය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ නවදිල්ලියේ පැවති දිවුරුම් දීමේ උත්සවයට කලාපීය රාජ්‍ය නායකයින් සහ බොලිවුඩ් නළු නිළියන් ඇතුළු දහස් ගණනකට ආරාධනා කර තිබිණි.

එම උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගි විය.

කලාපීය රටක් වුව ද පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඒ සඳහා ඇරයුම් නොකෙරුණු අතර විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙකු එම උත්සවයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබිණි.

උත්සවය පැවැත්වුණේ, නවදිල්ලි නරගයේ පිහිටි ජනාධිපති මන්දිරයේදීය.

ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය තනිව ආසන 303ක් දිනා ගත් අතර මිත්‍ර පක්ෂ දිනා ගත් ආසන සංඛ්‍යාවත් සමග ඔවුන්ට හිමි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 354කි.

නව කැබිනට් මණ්ඩලය

India's President Ram Nath Kovind greets India"s Prime Minister Narendra Modi after his oath during a swearing-in ceremony at the presidential palace in New Delhi, India May 30, 2019

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමට සමගාමීව නව රජයේ අමාත්‍යවරු ද එහිදී දිවුරුම් දුන්හ.

ඉන්දීය නව රජයේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 24 දෙනෙකුගෙන් සමන්විත වන අතර බ්‍රහස්පතින්දා දිවුරුම් දුන් මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව 57කි.

ඔවුන් සියලු දෙනා දිවුරුම් දුන්නේ, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේය.

ශ්‍රී ලංකාවේ ද වඩාත් ජනප්‍රිය වූ 'මහ ගෙදර' නමැති හින්දි නාට්‍යයේ 'තුල්සි' ලෙස ප්‍රධාන චරිතය රඟ පෑ ස්ම්‍රිති ඉරානිට මානව සම්පත් කළමනාකරණ, තොරතුරු සහ විකාශන කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරය පිරිනැමිණි.

ඇය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෙති ආසනය ජය ගත්තේ, ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පරාජයට පත් කරමිනි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

උත්සවයට සහභාගි වූයේ කවුද?

දිවුරුම් දීමේ උත්සවයට ආරාධිතයින් 7000කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

විදෙස් රාජ්‍ය නායකයින්, ව්‍යාපාරිකයින් මෙන් ම ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්තයින් වන රජිණිකාන්ත්, කරන් ජොහාර්, කාන්ගනා රනෝට් ආදී විශාල පිරිසක් එම උත්සවයට පැමිණ සිටියහ.

කෙසේ වෙතත්, බටහිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි ඊට සහභාගි නොවන බව දන්වා ට්විටර්හි අදහස් පළ කර තිබිණි.

ඇය පවසා තිබුණේ, මහ මැතිවරණ සමයේ බෙංගාලයේදී භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවන් 54 දෙනෙකු ඝාතනය කර ඇති බවට එම පක්ෂය නගන "අසත්‍ය චෝදනාවලට" විරෝධය පළ කරමින් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවීමට තීරණය කළ බවය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි සිය මව වන සෝනියා ගාන්ධි සමග එම උත්සවයට සහභාගි විය.

මෝදි හමුවේ ඇති අභියෝග

NArendra Modi/Twitter

ඡායාරූප මූලාශ්‍රය, NArendra Modi/Twitter

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 303ක් දිනා ගනිමින් භාරතීය ජනතා පක්ෂය මෙවර ද තනි පක්ෂයක් ලෙස ඉන්දීය ලෝක් සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත් විය.

1971 වසරේ සිට තනි පක්ෂයක් අඛණ්ඩව දෙවරක් ඉන්දීය පාර්ලිමේන්තුවේ බලය හිමි කර ගත් පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණයත් සමග නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය නව රජයට අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මන්දගාමී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ නව රැකියා උත්පාදනය එම අභියෝග අතරින් ප්‍රබල ස්ථානයක් ගෙන තිබේ.

තවදුරටත් කියවන්න.