යුරෝ 2016: පාපන්දු ලෝලීන් අතර ගැටුම්

France

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලීසිය කඳුළු ගෑස් යොදා ගනිමින් තත්වය පාලනය කිරීමට උත්සාහ කළ ආකාරය
Published

ප්‍රංශයේ මාර්ෂෙයි හි දී එංගලන්තය සහ රුසියාව අතර පැවති යුරෝපා කුසලාන පාපන්දු තරඟය අවසානයේ කලහකාරී ගැටුමක් ඇතිවිය.

රුසියානු පාපන්දු ලෝලීන් පිරිසක් ආරක්ෂක වළල්ලෙන් ද පැන ගොස් වැටට උඩින් පැන පලායමින් සිටි එංගලන්ත පාපන්දු ලෝලීන්ට පහරදෙනු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

Fans clash inside the stadium

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු පාපන්දු ලෝලීන් එංගලන්ත පාපන්දු ලෝලීන්ට පහර දුන් බවයි පැවසෙන්නේ

රුසියානු පාපන්දු ලෝලීන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් රුසියාවට එරෙහි විනය ක්‍රියාමාර්ග ගනු ලැබීමට ඉඩ ඇති බවද වාර්තාවල සඳහන්වේ.

France

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්ත පාපන්දු ලෝලීන් පිරිසක් රෝහල් ගත කර සිටින බවයි වාර්තා වන්නේ

මීට පෙර මාර්ෂෙයි හි පැරණි වරාය ප්‍රදේශයේ දී දෙපිරිස අතර ගැටුම් හැට ගෙන තිබේ.

Fans in Marseille stadium climb fences to escape trouble

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ පිරිස් මෙම කලහයෙන් බේරීමට වැටට උඩින් පැන පලා ගියහ

පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදාගනිමින් ගැටුම මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර පුද්ගලයන් තිස් දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නයිස් නගරයේ දී උතුරු අයර්ලන්ත සහ ප්‍රංශ පාපන්දු ලෝලීන් අතර ගැටුමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇත.