යුක්‍රේන සමරිසි පා ගමනට දැඩි ආරක්ෂාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ යුක්‍රේනයේ තෙවන වරටත් පැවැත්වෙන සමරිසි පා ගමනට සිය ගණනක පිරිසක් සහභාගී වෙති.
කීව් අගනුවර පැවැත්වෙන සමරිසි පා ගමන විචිත්‍රවත් මුහුණුවරක් ගන්නා බවයි එහි සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ.
දේදුනු වර්ණවලින් සමන්විත කොඩි අතින් ගත් පිරිස් සමලිංගික අයිතිවාසිකම් ඉල්ලා හඬ නගමින් පා ගමනේ යෙදෙන බවත් වාර්තා වේ.
පළමු වරට අගනුවර මධ්‍යයේ පැවැත්වෙන සමරිසි පා ගමනට ආරක්ෂාව ලබා දීම සඳහා කැරලි මර්දන පොලිස් භටයන් දහස් ගණනක් සේවයේ යෙදී සිටිති.
මීට පෙර යුක්‍රේනයේ පැවති සමරිසි පෙළපාලි, දක්ෂිණාංශික ජාතිකවාදී කණ්ඩායම්වල ප්‍රහාරවලට ලක් විය.
























