රියෝ ඔලිම්පික් තරඟ මනරම් උළෙලක් සමග ඇරඹෙයි

Olympic games
Published

දකුණු ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රථම ඔලිම්පික් තරඟාවලිය බ්‍රසීලයේ අනන්‍යතාව පැහැදිලි ලෙස සටහන් කළ මනස්කාන්ත සංදර්ශනයක් සමගින් රියෝ ද ජනේරෝ නගරයේ දී ආරම්භ විය.

මෙම උළෙල සංවිධානය කිරීමේ දී බ්‍රසීලයට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූ අතර රියෝ නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ මෙවර ඔලිම්පික් ආරම්භක උළෙල මීට පෙර පැවති උළෙලවල් වලට වඩා පිරිමැසුම්දායක එකක් වූ බවයි.

Olympic games

බ්‍රසීලයේ දේශපාලන ව්‍යාකූල බව පසක් කරමින් වැඩබලන ජනාධිපති මයිකල් ටෙමර් තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කළ බව නිවේදනය කරද්දී හූ හඬක් පැතිරගිය බවයි වාර්තා වන්නේ.

එසේවුවද බ්‍රසීල ක්‍රීඩක ක්‍රීඩිකාවන් උත්සවය පැවති මැරකනා ගෘහස්ත ක්‍රීඩාංගනයට ඇතුල්වෙද්දී ඔවුන් පිළිගැනීම සඳහා ඉතා ඉහළ ප්‍රතිචාරයක් දැක්වුණි.

Olympic games

අවසානයේ ඔලිම්පික් පහන දල්වද්දී අවම වශයෙන් එක් දිනක් සඳහාවත් රටේ පවතින බොහෝ ප්‍රශ්න අමතකවී ගියා වැනි තත්වයක් පෙන්නුම් කළ බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.