අලෙප්පෝහි තවත් 'බලප්‍රදේශයක්' සිරියානු හමුදා අතට

ඡායාරූප මූලාශ්‍රය, EPA/SANA
කැරලිකරුවන් අත පැවති අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයේ ප්‍රධාන භූමි ප්‍රදේශය සියතට ගත් බව සිරියානු හමුදා පවසති.
කැරලිකරුවන්ගේ පාලනය යටතේ පැවති භූමි ප්‍රදේශය මේවන විට කොටස් දෙකකට වෙන් වී ඇති බවත් සිරියානු හමුදා කියා සිටියහ.
එරට රාජ්‍ය රූපවාහිනිය සහ සිරියානු මානව හිමිකම් නිරීක්ෂණායතනය ද කියා සිටියේ සකුර් දිස්ත්‍රික්කය සිරියානු හමුදා අතට පත්වී ඇති බවය.
අලෙප්පෝ නගරයේ බලය යළි සියතට ගැනීමේ අරමුණින් සිරියානු හමුදාව සහ මිත්‍ර හමුදා එක්ව පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන මෙහෙයුමක් දියත් කළහ.
දෙපාර්ශ්වය අතර ඇතිවූ දරුණු ගැටුම් හමුවේ කැරලිකරුවන් අත පැවති නැගෙනහිර අලෙප්පෝ නගරයේ විසූ සාමාන්‍ය වැසියෝ ඉන් පළා ගියහ.
වටකරනු ලැබ ඇති ප්‍රදේශ තුළ වෙසෙන පවුල් සිය ගණනකට උන්හිටි තැන අහිමි වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, The Rumaf via AP
සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකය.
ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ.
ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රටවලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වේ.





























