අලෙප්පෝ නගරයේ පාලනය යළි හමුදාව අතට

Aleppo's historic old city

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙසේවුවද, දසදහස්ගණන් සාමාන්‍ය වැසියන් තවමත් ඇතැම් ප්‍රදේශ වල කොටුවී සිටින බව වාර්තාවේ.
Published

සිරියාවේ ඓතිහාසික අලෙප්පෝ නගරයේ පාලනය රජයේ හමුදා විසින් තහවුරු කරගනු ලැබූ බව සිරියාවේ සිටින ක්‍රියාධරයෝ පවසති.

බ්‍රිතාන්‍යය පදනම්කොටගෙන ක්‍රියාත්මක වන සිරියාවේ මානවහිමිකම් නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කළේ දින ගණනාවක් පැවති දරුණු සටන් වලින් පසු කැරළිකාර කණ්ඩායම් ප්‍රදේශයෙන් ඉවත්වී ඇති බවය.

කලක පටන් කැරලිකරුවන්ගේ පාලනයේ පැවති අලෙප්පෝ නගරයේ තුනෙන් දෙකකට වැඩි ප්‍රදේශයක බලය රජයේ හමුදාව අත්පත්කරගෙන ඇත.

කෙසේවුවද, දසදහස්ගණන් සාමාන්‍ය වැසියන් තවමත් ඇතැම් ප්‍රදේශ වල කොටුවී සිටින බව වාර්තාවේ.

මේ අතර සිරියාවේ සේවය කරමින් සිටි රුසියානු හමුදා උපදේශකයෙකු අලෙප්පෝ නගරයේදී මරණයට පත්වූබවද වාර්තාවේ සඳහන්වේ