ඩ්රෝන යානා අහසේ මැවූ අසිරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩ්රෝන යානා මැවූ අසිරිය
Published

ආලෝකය විහිදුවන කුඩා ඩ්රෝන යානා 1000ක් රාත්‍රී අහසට මුදාහරිමින් චීනයේ සම්ප්‍රදායික පහන්කූඩු උත්සවය නව ආකාරයකින් සැමරීමට දකුණු චීනයේ ගුවන්ශෝ නගර වාසීහු කටයුතු කළහ.

විවිධ වර්ණ වලින් යුතු එළි දල්වමින් පියාසර කළ ඩ්රෝන යානා අහසේ ආශීර්වාද වැකි සහිත චීන අකුරු රටා මවද්දී නරඹන්නන් කුල්මත්ව සිටිනු දක්නට ලැබුණි.

වැඩිම ඩ්රෝන යානා සංඛ්‍යාවක් යොදාගැනීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුළුවීමේ හැකියාවද සංවිධායකයන්ට ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

එක් එක් යානය ඒවාටම වෙන්වූ ගුවන් පථයක ගමන් කළ අතර ඒ සියල්ල එකම පරිගණකයක සැළසුම් කර තිබිණි.