මරු වෙත යද්දී ගත් සේයාරුව

The photo taken by Clayton at the moment of her death

ඡායාරූප මූලාශ්‍රය, Hilda Clayton

ඡායාරූප ශීර්ෂ වැකිය, හිල්ඩා ක්ලේටන් විසින් සිය අවසන් මොහොතේදී ගනු ලැබූ ඡායාරූපය
Published

පිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කළේය.

2013 වසරේ ජූලි 02 වෙනිදා පැවති පුහුණු අභ්‍යාසයක් අතරතුර පුපුරා ගිය මෝටාර් උණ්ඩයකට හසුව විසි දෙහැවිරිදි හිල්ඩා ක්ලේටන් සහ ඇෆ්ගනිස්තාන හමුදා සෙබළු සිව් දෙනෙකු මරුමුවට පත් විය.

හිල්ඩා ක්ලේටන් යටතේ ඡායාරූප මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලැබූ මරුමුවට පත් සෙසු පුද්ගලයන් අතර සිටි ඇෆ්ගනිස්තාන සෙබළෙකු විසින් ගනු ලැබූ ඡායාරූපයක් ද ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කර තිබේ.

අනතුර සිදු වූයේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පිහිටි ලග්මන් පළාතේදීය.

ක්ලේටන් පවුලේ අවසරය මත අදාළ ඡායාරූප ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

හිල්ඩා ක්ලේටන් නමින් සම්මානයක්

This photo was taken by an Afghan soldier with whom Clayton had partnered to train in photojournalism

ඡායාරූප මූලාශ්‍රය, US Army

ඡායාරූප ශීර්ෂ වැකිය, හිල්ඩා ක්ලේටන් යටතේ පුහුණුව ලැබූ ඇෆ්ගනිස්තාන හමුදා සෙබළා විසින් ගනු ලැබූ ඡායාරූපය
Clayton

ඡායාරූප මූලාශ්‍රය, Army

ඡායාරූප ශීර්ෂ වැකිය, හිල්ඩා ක්ලේටන්

හිල්ඩා ක්ලේටන්ට ගෞරවයක් වශයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇයගේ නමින් ඡායාරූප සම්මානයක් නම් කරනු ලැබීය.

'හිල්ඩා ක්ලේටන්' හොඳම සටන් ඡායාරූප ශිල්පියා සම්මානයට සුදුසුකම් ලැබීම සඳහා හමුදා ඡායාරූප ශිල්පීන් දින පහක ශාරීරික සහ තාක්ෂණික පරීක්ෂණයකින් සමත් විය යුතුය.