ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මරු වෙත යද්දී ගත් සේයාරුව
පිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කළේය.
2013 වසරේ ජූලි 02 වෙනිදා පැවති පුහුණු අභ්‍යාසයක් අතරතුර පුපුරා ගිය මෝටාර් උණ්ඩයකට හසුව විසි දෙහැවිරිදි හිල්ඩා ක්ලේටන් සහ ඇෆ්ගනිස්තාන හමුදා සෙබළු සිව් දෙනෙකු මරුමුවට පත් විය.
හිල්ඩා ක්ලේටන් යටතේ ඡායාරූප මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලැබූ මරුමුවට පත් සෙසු පුද්ගලයන් අතර සිටි ඇෆ්ගනිස්තාන සෙබළෙකු විසින් ගනු ලැබූ ඡායාරූපයක් ද ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කර තිබේ.
අනතුර සිදු වූයේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පිහිටි ලග්මන් පළාතේදීය.
ක්ලේටන් පවුලේ අවසරය මත අදාළ ඡායාරූප ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
හිල්ඩා ක්ලේටන් නමින් සම්මානයක්
හිල්ඩා ක්ලේටන්ට ගෞරවයක් වශයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇයගේ නමින් ඡායාරූප සම්මානයක් නම් කරනු ලැබීය.
'හිල්ඩා ක්ලේටන්' හොඳම සටන් ඡායාරූප ශිල්පියා සම්මානයට සුදුසුකම් ලැබීම සඳහා හමුදා ඡායාරූප ශිල්පීන් දින පහක ශාරීරික සහ තාක්ෂණික පරීක්ෂණයකින් සමත් විය යුතුය.