දකුණු ආසියානු ගංවතුරෙන් මරණ 250 කට වැඩියි; අනාථයන් දශ ලක්ෂ ගණනක්

උතුරු බංග්ලාදේශයේ ගංවතුරට හසු වූ ළමුන් සහ කාන්තාවන්

ඡායාරූප මූලාශ්‍රය, FOCUSBANGLA

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු බංග්ලාදේශයේ ගංවතුරට හසු වූ ළමුන් සහ කාන්තාවන්
Published

දකුණු ආසියානු රටවල් තුනක ජනතාව ධාරානිපාත වැස්සෙන් සහ ඒ සමඟ මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුරින් පීඩාවට පත්ව සිටිති.

ඉන්දියාව ,බංග්ලාදේශය සහ නේපාලය එම රටවල් තුනයි.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංවතුරට හසුව මරණයට පත් ජන සංඛ්‍යාව පනස් හයක් බව බදාදා (අගෝස්තු 16) ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවන්හි දැක්වෙයි.

උතුරු බිහාරයේ දහස් ගණනක් ජනතාව ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටිති.

බිහාරයේ දිස්ත්‍රික්ක දොළහක් ගංවතුර උවදුරින් බැට කන අතර එහි දරුණුතම තත්වය පවතින්නේ 'අරරියා' (Araria) දිස්ත්‍රික්කයේයි.

ගංවතුරට හසු වූ කාන්තාවක් විදුලිය සැර වැදීමෙන් මරණයට පත් ශෝකජනක ආකාරය පිළිබඳව එම කාන්තාවගේ දියණිය කියන කතාව බීබීසී ප්‍රාදේශීය වාර්තාකරුවකු වන නීරාජ් සහේ (Neeraj Sahay) විසින් වාර්තා කරනු ලැබ ඇත.

බිහාරයේ ගංවතුරින් මේවනවිට හැටකට ආසන්න මහජන ජීවිත විනාශ වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, MANISH SHANDILA

ඡායාරූප ශීර්ෂ වැකිය, බිහාරයේ ගංවතුරින් මේවනවිට හැටකට ආසන්න මහජන ජීවිත විනාශ වී ඇත.

ඉන්දු-බංග්ලාදේශ් දේශ සීමාවේ ඉන්දියානු පාර්ශවයේ ගංවතුර නරක අතට හැරීමත් සමඟ එහි වෙසෙන ඉන්දියානුවන් සිය ගණනක් බංග්ලාදේශය තුළට පැමිණ එහි කොටු වී සිටින බවක් ද වාර්තා වෙයි.

දේශසීමාවේ අධි ආරක්ෂක රැකවරණ යොදා ඇතත්, ගංවතුර දරුණු අතට හැරීමත් සමඟ එම ජනතාව බේරා ගැනීමට ඉන්දියානු නිලධාරීන්ට නොහැකි වූ බව කොල්කටා නගරයේ සිටින අමිතාභ භට්ටසාලි වාර්තා කරයි.

බංග්ලාදේශ් ගංවතුරින් මරණ රැසක්

පැය විසි හතරක කාලයක් ඇද වැටුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ බංග්ලාදේශයේ උතුරු දිස්ත්‍රික්කවල ගංවතුර තත්වය ඉතා දරුණු අතට හැරුණ බව මේ අතර වාර්තා වෙයි.

නගර ගම්බිම් යටකළ ගංවතුර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නගර ගම්බිම් යටකළ ගංවතුර

ප්‍රධාන ගංගා හිටි අඩියේ පිටාර ගැලීමත් සමග උතුරු නගර සහ ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවිය.

දස දහස් සංඛ්‍යාත ජනකායක් ගංවතුරින් කොටු වී සිටින අතර විපතට පත් ජනයාට ප්‍රමාණවත් සහනාධාර නොලැබෙන බවට චෝදනා ඉදිරිපත් වෙමින් ඇත.

බංග්ලාදේශ් ගංවතුරින් මරණයට පත් ජන සංඛ්‍යාව 42 ක් බව අද උදෑසන (අගෝස්තු 16) තමන්ට වාර්තා වූ බව බීබීසී බෙන්ගෝලි සේවය පවසයි.

නේපාලයේත් ගංවතුර සහ සහනාධාර ප්‍රශ්න

නේපාලයේ ගංවතුරට ගොදුරු වූවන්ට සහනාධාර නොලැබෙන බවට පැමිණිලි ඉදිරිපත්ව ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, නේපාලයේ ගංවතුරට ගොදුරු වූවන්ට සහනාධාර නොලැබෙන බවට පැමිණිලි ඉදිරිපත්ව ඇත.

ගංවතුරට ගොදුරු වූ සිය දකුණු තැනිතලාවේ සියලු දිස්ත්‍රික්කවලට සහනාධාර ලැබී ඇතැයි නේපාල ආණ්ඩුව පවසයි.

එහෙත් තවමත් තමන්ට ආධාර ලැබී නොමැති බව එහි බොහෝ දෙනෙක් පවසති.

ආණ්ඩුව විසින් යවනු ලබන ආධාර වලට සිදු වන්නේ කුමක්ද? යන ප්‍රශ්න යත් ඒ සමඟ මතුව ඇත.

නේපාලයේ ගංවතුර වන සත්ව ජීවිතයටත් බල පා ඇත.

රටේ දකුණු තැනිතලා ප්‍රදේශ ගංවතුරින් යට වීමත් සමඟ ප්‍රධාන ජාතික වනෝද්‍යාන කීපයක් ද ඊට ගොදුරු විය.

නේපාල හමුදාව ගංවතුර සහන මෙහෙයුමක
ඡායාරූප ශීර්ෂ වැකිය, නේපාල හමුදාව ගංවතුර සහන මෙහෙයුමක