ටොරොන්ටෝ ප්‍රහාරය: දහයක් මරුට, පහළොවකට තුවාලයි

Three women signing, with one wiping tears away from her eyes

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මරණයට පත් වූවන් වෙනුවෙන් ශෝකය පල කර සටහන් තබන සාමාන්‍ය වැසියන්
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

පුද්ගලයෙකු විසින් ටොරොන්ටෝ නුවර පදිකයන් වෙත වෑන් රියක් පදවනු ලැබීමෙන් දස දෙනෙකු මරණයට පත්ව තවත් පහළොස් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සැකකරු විසිපස් හැවිරිදි අලෙක් මිනාසියන් (Alek Minassian) නමැති පුද්ගලයෙකු බව පොලිසිය කියා සිටියේය.

කැනේඩියානු පොලිසිය මේවන විට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටී. අදාළ ස්ථානයේ සිට වීථි කීපයක් එපිටදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

එම අවස්ථාවේ තමන් අත තුවක්කුවක් තිබෙන බව සැකකරු පවසන ආකාරයත්, සැකකරුට බිම දිගාවන ලෙස පොලිස් නිලධාරීන් කෑගසන හඬත් වීඩියෝ දර්ශන ඔස්සේ දැක ගත හැක.

කෙසේ නමුත් වෙඩි තැබීමකින් තොරව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

Investigators view a damaged van seized by police after multiple people were struck at a major junction in northern Toronto, April 23, 2018

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පදිකයන් වෙත පදවන ලද වෑන් රථය

පරීක්ෂණ සඳහා සහාය දෙන ලෙස ටොරොන්ටෝ නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානී පීටර් යුඑන් ඇසින් දුටු පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටී.

"දීර්ඝ පරීක්ෂණයක්" පැවැත්වෙනු ඇති බව කී ඔහු විපතට පත් වූවන්ගේ පවුල් සහ සාක්ෂි ලබා දීම සඳහා වෙනම දුරකථන මාර්ග විවෘත කර ඇති බව පැවසීය.

පුවත් සාකච්ඡාවකට එක්වෙමින් නගර පොලිස් ප්‍රධානී මාක් සවුන්ඩර්ස් සඳහන් කළේ සිදුවීම සිතාමතා කරන ලද්දක් බව පෙනෙන්නට ඇතත් ඊට හේතුව කුමක්දැයි යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බවය.

රිච්මන්ඩ් හිල් ප්‍රදේශයේ වෙසෙන අලෙක් මිනාසියන් පිළිබඳ මීට පෙර කිසිවක් වාර්තා වී නොමැති බව ද ඔහු කියා සිටියේය.

Toronto police and emergency crews can be seen along Yonge Street in northern Toronto, Canada, 23 April 2018

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ ස්ථානය වෙත පැමිණි හදිසි සේවා

හදිසි සේවා අංශ වෙත සිය ස්තූතිය පල කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රැල්ෆ් ගූඩේල් විසින් සිදුවීම හඳුන්වනු ලැබුවේ "බියකරු ප්‍රහාරයක්" ලෙසය.

යොන්ග් වීථියේ වීඩියෝ අලෙවිසලක් පවත්වාගෙන යන රේසා හෂෙමි පැවසුවේ මාර්ගයේ අනෙක් පසින් විලාප හඬ නැගුනු බවය.

පදික වේදිකාව මතට නැගී වෑන් රිය මිනිසුන් වෙත ඇදී ගිය බව ද ඔහු සඳහන් කළේය.

සිය සමාගමට අයත් වෑන් රථයක් අදාළ සිදුවීමට සම්බන්ධ බව 'රයිඩර් සිස්ටම් ඉන්ක්' නමැති කුලී රථ සේවය තහවුරු කර ඇත.

සිදුවීම හටගත්තේ අදාළ ස්ථානයේ සිට සැතපුම් 18 ක් (කිලෝමීටර 30 ) එපිටින් ජී7, එනම් කැනඩාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවල විදේශ අමාත්‍යවරුන් රැස්වීමකට එක්ව සිටි අතරවාරයේදීය.

සන්නද්ධ පොලිස් නිලධාරීන් සහ වෛද්‍ය සේවකයන් තුවාල ලැබුවන්ට ප්‍රතිකාර ලබා දෙන ආකාරය අදාළ ස්ථානයයේ සිට ගනු ලැබූ බව දැක්වෙන ඡායාරූප මගින් දැකගත හැක.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඔටාවා නුවර සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කළ කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ, " ටොරොන්ටෝ නුවර යන්ග් සහ ෆින්ච්හි හටගත් මේ භයානක සිදුවීමෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමග අප සිටිනවා," යනුවෙන් සඳහන් කර තිබේ.

"අදාළ ස්ථානයේ සිට පළමුව ප්‍රතිචාර දැක්වූ පුද්ගලයන්ට ස්තූතිය පල කරනවා. මේ තත්ත්වය අප ඉතා සමීපව නිරීක්ෂණය කරනවා."

ඇසින් දුටුවෙකු 'සිටි නිවුස්' පුවත් ආයතනය වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ "සිය මග පැමිණි ඕනෑම දෙයක් රියදුරු විසින් හප්පන ලද" බවය.

"මිනිස්සු, ගිනි නිවීම සඳහා මාර්ග අසල ඇති නල සහ ලියුම් පෙට්ටියක් මතින් රථය පැද ගියා," යනුවෙන් තවත් ඇසින් දුටුවෙකු කියා සිටියේය.

යුරෝපය සහ ඇමරිකාව තුළ මෝටර් රථ යොදා ගනිමින් සිදු කරන ප්‍රහාර ගණනාවක් මෑත කාලයේ වාර්තා විය.

2017 ඔක්තෝබර් මාසයේදී නිව් යෝර්ක් හි බයිසිකල් ධාවන මගක වෑන් රියක් ධාවනය කරවීම නිසා අටදෙනෙක් මිය ගියහ.

මේ තොරතුරු ද දැනගන්න: